මියන්මාරයේ සිට නීතිවිරෝධීව වෙනත් රටකට මුහුදු මාර්ගයෙන් රැගෙන ගිය සරණාගතයින් 100 දෙනෙකු රැගත් යාත්‍රාවක් අද (19) සවස මුලතිව් මුහුදු වෙරලට ගොඩගසා ඇති බවට නවික හමුදාව පැවසීය.
මියන්මාරයේ සිට අදාල සරණාගතයින් රැගත් යාත්‍රාව වෙනත් රටකට යමින් සිටියදී එහි සිටි පිරිසට ආහාර හිගවීම හේතුවෙන් මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු තීරයට රැගෙනවිත් ඇතැයි මේ වන විට තෙරතුරු අනාවරනය වෙයි.
සරණාගතයින් රැගත් යාත්‍රාවේ සිටි පිරිස් බොහෝ සෙයින් දුර්වලව සිටි අතර එම පිරිස් වෙතට නාවික හමුදාව විසින් අවශ්‍ය ආහාර ආදි පහසුකම් සැපයීමට පියවර ගෙන තිබුණි.
මුල්ලිවයික්කාල් මුහුදු සීමාවට අනවසර සංකමණිකයින් රැගත් අදාල යාත්‍රාව පැමිණ ඇති බවට ප්‍රදේශයේ ධීවරයින් විසින් පොලීසියට දැනුවන් කිරීමෙන් අනතුරුව පොලීසිය විසින් නවික හමුදාවට දැනුම් දී ඇත.
අනුතරුව නාවික හමුදාවද අදාල ස්ථානයට පැමිණ පොලීසිය සමග පැමිණි පිරිස්හි අනන්‍යතාවය තහවුරු කිරීමට පියවර ගෙන ඇති අතර සරණාගතයින් පිළිබඳව ඉදිරි නීතිමය කටයුතු ගැනීමට පියවර ගෙන ඇත.
සරණාගත යාත්‍රාවේ සිට පැමිණි පිරිස් අතර කුඩා ළමුන්ද 20 කට ආසන්න පිරිසක් සිටින බවටද පරික්ෂණ සිදුකරන මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
(වන්නි රොමේෂ් මධුෂංක)