මුලතිව් මුහුදු තීරයේ පාවෙමින් තිබූ අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 14 ග්‍රෑම් 700 ක ප්‍රමණයක් ඊයේ (22) දින සොයාගත් බවට මුලතිව් පොලීසිය පැවසීය.
මුලතිව් තීර්තකට්කරයෙි මුහුදු තීරයේ පාවෙමින් තිබූ අදාල පුපුරණද්‍රව්‍ය තොගය පළමුව ධීවරයින් දැක ඇත්තේ පාවෙමින් තිබූ ටින් එකකි. පසුව ඒ පිළිබඳව මුලතිව් ධීවරයින් විසින් මුලිත් පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය එම ස්ථානයට පැමිණ අදාල ටින් එක පරික්ෂා කරනු ලැබීය.
ටින් එකතුල ඉතා ආරක්ෂිතව තැන්පත් කරතිබූ අදාල පුපුරණදුව්‍ය තිබී හමු වී ඇති අතර එම පුපුරණද්‍රව්‍ය එලෙස පවෙමින් තිබීමට හේතුව හෝ කුමන පර්ශවයකගේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරනය වී නොමැති බවට මුලතිව් පොලීසිය පැවසීය.
හමු වූ පුපුරණද්‍රව්‍ය පිලීබඳව මුලතිව් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ඇතිව ඒවා නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
(වන්නි රොමේෂ් මධුෂංක)