මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට පත් එස්. එම් නලීම්  මහතා අද (03) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නා.

ඒ කථානායක අශෝක රංවල මහතා ඉදිරියේදීයි.

පසුගිය මහමැතිවරණට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 87,038ක් ලබා ගනිමින් ආසන 2ක් හිමි කරගත්තා.

ඒ අනුව එම පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර එම මන්ත්‍රී ධුරය සඳහා ඒ මහතා නම් කිරීමට එම පක්ෂය තීරණය කර තිබුණා.

ඔහු මින් පෙර එරාවුර් නගර සභාවේ හිටපු සභාපතිවරයා ලෙසද කටයුතු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here