මෙන්ඩිස් සමාගමේ නාගොඩ, වැලිසර පිහිටි නිෂ්පාදනාගාරයට අද (5) මුද්‍රා තැබීය.

මෙන්ඩිස් සමාගම ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළ 3%ක අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙන් සුරාබදු ආඥා පනතේ නෛතික විධිවිධාන ප්‍රකාරව එහි මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අද (5) සිට අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබුණි.

එම නියෝගය ප්‍රකාරව සුරාබදු දෙපාර්තමේන්තුවේ ජාඇළ සහ ගම්පහ සුරාබදු අධිකාරීවරුන් හා නිලධාරීන් කණ්ඩායමක් විසින් පැය හයකට වැඩි කාලයක් එහි සිදුකළ නිරීක්ෂණ කටයුතුවලින් අනතුරුව මෙම මුද්‍රා තැබීම සිදු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here