ගෙවිය යුතු හිඟ බදු මුදල් නොවැම්බර් මස 30 වැනිදාට පෙර ගෙවා අවසන් නොකරන්නේ නම් තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත් හිටුවීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් සුරා බදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ලිපිය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here