දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා .

ඊයේ (03) රාත්‍රීයේ සිදුවූ එම අනතුරෙන් මෝටර් රථයේ ගමන් කළ සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා ගාල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ .

ගාල්ල සුදර්මාරාම පන්සල අසල පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදීයි මෙම අනතුර සිදුවී ඇත්තේ .

අප වාර්තාකරු සඳහන් කළේ තුවාල ලැබූ සිව්දෙනා අතර දරුවන් දෙදෙනෙකු සිටින බවයි

මෝටර් රථය ගැටී ඇත්තේ ගාල්ල සිට මාතර බලා ධාවනය වූ දුම්රියකයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here