කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු 1007 මගි ප්‍රවාහන දුම්රිය පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

මෙම පිලි පැනිම සිදු වි ඇත්තේ (02) දින පස්වරු 3.15 ට පමණ නාවලපිටිය ඉගුරුඔය සහ ගලබඩ දුම්රිය ස්ථාන දෙක අතර පෙන්රොස් දුම්රිය ස්ථානය ආසන්නයේදිය.

පිලි පැනිමට ලක් වු දුම්රිය පිලිගත කරන තෙක් බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කරන දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය දක්වාත් කොළඹ සහ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය කරන දුම්රියන් නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කරන බවයි දුම්රිය පාලක මැදිරියේ නිලධාරියෙකු කියා සිටියේ.

පිලි පැනිමට ලක් වු දුම්රිය කඩිනමින් පිලිගත කරන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here