යාපනය දිස්ත්‍රීක්කයේ පැතිරෙමින් යන උණ වෛරසය පිළිබඳව සොයා බැලීස සඳහා කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ නිලධාරීන් පිරිසක් විසින් යාපනය සහ පේදුරුතුඩුව ප්‍රදේශයන් වෙතට ගොස් නිරීක්ෂණයක නිරත වෙමින් සෞඛ්‍ය බලධාරීන් හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වීය.
අදාල උණ වෛරසයට ගොදුරු වූ රෝගීන් වාර්ථා වූ යාපනය රෝහල සහ පේදුරුතුඩුව රෝහල් වෙතට ගොස් අදාල කණ්ඩායම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව යපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්තී මහතා ඇතුලු පිරිසක් හමු වී පවතින වාතාවරණය පිලිබඳව විශේෂ සාකච්ඡාවක නිරත විය.
මේ අතර යාපනය දිස්ත්‍රීක්කයේ පවතින වත්මන් වතාවරණය පිලිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා යාපනය ප්‍රාදේශීය සේවා සෞඛ්‍ය අධ්‍යක්ෂක කේ.ඒ්. කේදීස්වරන් මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පවස සිටයේ,
‘මේ වන විට යපනය සහ පේදුරුතුඩුව රෝහල වෙතට මෙම හදීසි උණ වෛරසය වැළඳී රොගීන් 44 දෙනෙකු වාර්ථා වී ඇති බවටත් ඉන් රෝගීන් 7 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවටත්ය.
යාපනය පේදුරුතුඩුව, කරවෙඩ්ඩි සහ චාවකච්චේරි ප්‍රදේශයන්හි මෙම උණ වෛරසය වාර්ථා වී ඇති හෙයින් ඔිනෑම අයෙකුට උණ තත්වයක් ඇති වුවහෙත් ලඟම ඇති රෝහල වෙතට පැමිණ රුධීර සාම්ඵල වාර්ථාවක් ලබාගන්නා ලෙසටද කේ.ඒ්. කේදීස්වරන් මහතා පැවසීය.
මිය ගිය රෝගීන්ගේ සාම්ඵල කිහිපයක් කොළඹට යවා සිදුකරන ලද පරික්ෂණ වලදී දැනට හෙලි වී ඇත්තේ අදාල වෛරසයට මී උණට සමාන වෛරසයක් බැවින් ඒ් ඔස්සේ සෙසු රෝගීන්ට ප්‍රතිකාර කිරීම අරඹා ඇති අතරම මී උණ වෛරසය පැතිරීම වැලක්වීම සඳහා ග්‍රාමීය මට්ටමේ සිට විශේෂ වැඩපිළිවලක් ආරම්භ කොට ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
Отдых в Турции это доступно.
ттк тарифы на интернет
https://bayer04leverkusenfansclub.com/read-blog/9695_kak-sozdat-lichnyj-kabinet-ttk.html
ттк домашний интернет
AMAZING POST BRO.!! WE WAIT YOUR NEW POST AHA AHA EHE EHE…!!!