ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමුවරට සංවිධානය කරනු ලැබූ වයස 19න් පහළ ආසියානු කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (22) සමත් විය.

ඒ අවසන් මහා තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 41කින් පරාජයට පත්කරමින්.

මැලේසියාවේ පැවැත් වූ මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 117ක් රැස්කිරීමට සමත් විය.

කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 18.3කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 76ක් පමණි.

ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය හා සත්කාරක මැලේසියාව යන කණ්ඩායම් සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පැවැත්විණි.

කෙසේ නමුත් මෙහිදී ශ්‍රී ලංකාවට සුපිරි 4 වටයෙන් ඉහළට යාමට නොහැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here