රජය විසින් ආනයනය කරන පළමු සහල් තොගය අද (16) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, සහල් මෙට්‍රික් ටොන් 5,200 ක් මෙලෙස පැමිණීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.
එමෙන්ම, රජය විසින් සහල් ආනයනය සඳහා අවසර ලබාදීමත් සමග මේ වනවිට පෞද්ගලික අංශය විසින් ආනයනික සහල් මෙට්‍රික් ටොන් 4,800 ක් මෙරටට ගෙන්වා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.