රජය මගින් ආනයනය කෙරෙන පළමු සහල් තොගය ඊයේ (16) රාත්‍රියේ මෙරටට රැගෙනවිත් තිබෙනවා.

සහල් අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙසයි රජය මෙම පියවර ගනු ලැබුවේ.

ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් 70000ක් මෙරටට රැගෙන ඒමට නියමිතයි.

සතොස සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් සහල් තොග ආනයනය කිරීමටයි අවසර හිමිවී තිබුණේ.

ඒ අනුව පළමු සහල් තොගය ඊයේ (16) රාත්‍රීයේ මෙරටට රැගෙනවිත් තිබෙනවා.

මීට අමතරව පෞද්ගලික ආනයනකරුවන් මගින් ද සහල් ආනයනය කිරීමට මේ වන විටත් පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here