යාපනයේ ව්‍යාප්ත වන උණ වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව අට දක්වා ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ, යාපනයේ කරවෙට්ටි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.
උණ තත්ත්වය හේතුවෙන් දින පහකට පෙර පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කෙරුණු, ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට මාරු කර තිබුණා. රෝගී තත්ත්වය උත්සනවීම හේතුවෙන් ඔහු මිය ගිය බව සඳහන්.
මෙම වෛරසය වැළදුණු තවත් පුද්ගලයින් 15 දෙනෙකු පමණ යාපනය සහ පේදුරුතුඩුව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ වනවිට එම තත්ත්වය පාලනය කර ගැනීමට හැකිවී ඇති බවයි, සෞඛ්‍ය අංශ සඳහන් කළේ.