සිරියාවෙන් පළාගිය හිටපු ජනාධිපති බෂාර් අල්-අසාඩ් මේ වනවිට රුසියාවේ මොස්කව් නගරයට ගොස් ඇති බව රුසියානු මාධ්‍ය සඳහන් කරනවා.

රුසියානු බලධාරීන් පවසන්නේ අසාඩ්ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ට රුසියාවේ සරණාගතභාවය ලබාදෙන බවයි.

Hayat Tahrir al-Sham නම් සංවිධානයට අයත් කැරලිකරුවන් නොවැම්බර් 27 වනදා අසාඩ් පාලනයට එරෙහිව ප්‍රහාර දියත් කළේය.

ඉන්පසු දින කිහිපයක් තුළදී එරට ප්‍රධාන නගර සිය ග්‍රහණයට ගැනීමට කැරලිකරුවන් සමත්විය.

ඔවුන් ඊයේ (08) ඩැමස්කස් නගරය ට ඇතුළු වුණු අතර පසුව වාර්තා වූයේ ජනාධිපති අසාඩ් ගුවන්යානයකින් එරටින් පළාගිය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here