හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පවසයි.
සිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා මෙම ඇමතිවරුන් වෙනුවෙන් වෙන්කරනු ලැබ තිබූ ගුවන් ගමන් වාර සංඛ්‍යාව 66කි.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ගුවන් ගමන් වාර 10ක්, හිටපු අමාත්‍ය දයාගමගේ මහතා ගුවන් ගමන් වාරයක්, හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ගුවන් ගමන් වාර 3ක්, හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ගුවන් ගමන් වාර 6ක්, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගුවන් ගමන් වාරයක්ද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගුවන් ගමන් වාර 3ක්, හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ගුවන් ගමන් වාර 3ක්, හිටපු අමාත්‍ය අමාත්‍ය එම්.එච්.එම් හලීම් මහතා ගුවන් ගමන් වාරයක්, හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ගුවන් ගමන් වාරයක්ද හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්බාල් මහතා ගුවන් ගමන් වාර 2ක්, හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගුවන් ගමන් වාරයක්, හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් පනාන්දු මහතා ගුවන් ගමන් වාරයක්, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගුවන් ගමන් වාර 6ක්, හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ගුවන් ගමන් වාර 25ක්, හිටපු අමාත්‍ය අලිසබ්‍රි මහතා ගුවන් ගමන් වාර 2ක්ද වශයෙන් ගුවන් ගමන් වාර හැට හයක් මෙසේ යොදාගෙන තිබූ ගුවන් හමුදාව ප්‍රකාශ කරයි.
මෙම ඇමතිවරුන් සිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා මෙලෙස ගුවන් හමුදාවේ ගුවන් යානා මෙලෙස යොදාගෙන තිබුණේ 2019 වසරේ සිට 2020 දක්වා කාලයේදීය.
මෙම ගුවන් ගමන් බොහොමයකට මුදල් වැය කර ඇතැයි පැවසෙන්නේ රජයෙනි.
මෙම තොරතුරු සඳහන් වන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ යටතේ කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් ලැබුණු පිළිතුරු වාර්තාවකය.
මේ අතර 2019 වසරෙන් පසු ගුවන් හමුදාවට වයි 12 ගුවන් යානා දෙකක් මිලදී ගෙන තිබූ බව ගුවන් හමුදා මූලස්ථානය පවසයි.
මේ අතර රාජ්‍ය ආයතන දහයක් ශ්‍රීලංකා ගුවන් හමුදාවෙන් ලබා ගත් ගුවන් සේවා සඳහා අයවිය යුතු රුපියල් ලක්ෂ 90ක මුදලක් අයකර ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයිද පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණයවිය.
එම ආයතන 2003 වසරේ සිට එම සේවාවන් ලබාගෙන තිබිණ.
(උපුටා ගැනීම – ලංකාදීප වෙබ් අඩවිය )