පාර්ලිමේන්තුව හෙට (03) සිට දෙසැම්බර් 06 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර පවසනවා.

ඒ අනුව, පසුගිය 25 වැනිදා කථානායක, ආචාර්ය අසෝක රන්වලගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී එය තීරණය වූ බවයි ඇය පවසන්නේ.

ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව හෙට (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ‍පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා ඒ පිළිබඳ විවාදය පැවැත්වෙනවා.

ඉන් අනතුරුව දෙසැම්බර් 04 වැනිදා පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා තවදුරටත් විවාදය පැවැත්වීමටත්, එයට අදාළ ඡන්ද විමසීම පස්වරු 5.00 ට පැවැත්වීමටත් පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී එකඟත්වය පළ වී තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here