නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ දෙසැම්බර් 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අද (02) ඔවුන් දෙපළ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මිරිහාන, ඇඹුල්දෙණිය ප්‍රදේශයේදී හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට අයත් තෙමහල් නිවසක තිබී ලියාපදිංචි නොකළ ලෙක්සස් වර්ගයේ මෝටර් රථයක් පසුගියදා මිරිහාන පොලිසිය විසින් සොයාගැනීමට සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here