පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සදහන් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිලධාරින් කිහිපදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ, මෙලෙස නිලධාරින් 07 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
වෙබ් අඩවියට එම තොරතුරු ඇතුළත් කිරීමට පාදක කරගත් බව කියන ලිපි කිහිපයක් පාර්ලිමේන්තු නිලධාරීන් එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බාරදී ඇතැයි දැනගන්නට ඇත.