රථවාහන රාජකාරීයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේ දී අදාළ නිලධාරියා රියදුරුට මනාව දර්ශනයවන ලෙස ආලෝකය පරාවර්තනයවන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

එසේම රථවාහන නැවැත්වීම සදහා මේවන විට පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති රතු විදුලි පන්දම් හැකිතාක් භාවිතා කිරීමටත් උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

මීට අමතරව රාත්‍රී රාජකාරියේ යොදවන නිලධරීන් එසේ ක්‍රියාකරන්නේද යන්න නිරන්තරවම අධීක‍ෂණය කරන ලෙසට මූලස්ථාන පොලිස් පරීක‍්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථවාහන ස්ථානාධිපතිවරුන් වෙත වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here