බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී ඊයේ (15) පෙරවරුවේ රජරට රැජින හා සාගරිකා දුම්රිය ගැටුම සම්බන්ධයෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපති, රජරට රැජින දුම්රියේ රියදුරුගේ හා රියදුරු සහයකගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම දුම්රිය ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සදහා දුම්රිය ගමනාගමන අධිකාරි චන්ද්‍රසේන බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිව් පුද්ගල කමිටුවක් පත් කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ ඉදිපොලගේ මහතා සඳහන් කළා.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී රජරට රැජින දුම්රියේ එන්ජිම මාරු කරන අවස්ථාවේ වැරදි මාර්ගයක ධාවනය වීමෙන් එම මාර්ගයේ නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

මෙම දුම්රිය දෙක ගැටීමෙන් රැජින හා සාගරිකා දුම්රිය එන්ජින් දෙකට හා මැදිරි කීපයකට විශාල ලෙස හානි සිදුව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here