රිය අනතුරක් සිදු කිරීමේ සිද්ධියකට අදාළව මඩකලපුව – කරදියනාරු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
චෙන්කලඩි – කරදියනාරු මාර්ගයේදී ස්ථානාධිපතිවරයා ගමන් ගත් ජිප් රථයට පුද්ගලයෙකු ගැටීමෙන් ඊයේ රාත්‍රියේ අනතුරක් සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.
පසුව අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා චෙන්කලඩි රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩ දුර ප්‍රතිකාර සදහා මඩකලපුව රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, අනතුරින් පසු ස්ථානාධිපතිවරයාද රෝහල් ගත වී ඇති අතර පසුව ඔහුව අත්අඩංගුවට ගත් බවයි.