වසරේ මේ දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රේගුව රුපියල් ට්‍රිලියන 1.38ක බදු ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, එහි අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් සීවලී අරුක්ගොඩ පවසනවා.2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවේ බදු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 1.53ක් බවයි ඔහු කියා සිටියේ.
මහජනතාවගේ පහසුව වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව නව යෙදවුම් 2ක් හඳුන්වා දී තිබෙන බවද, ආනයන – අපනයන නිශ්කාෂණය සහ ආනයනය කරන ලද රථවාහනවල නීත්‍යානුකූල බව තහවුරු කර ගැනීමට එම යෙදවුම් නිර්මාණය කර ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
එසේම, ආනයනය කරන සහල් තොග පැය 04 ක් තුළ ආනයනකරුවන්ට නිදහස් කිරීමට රේගුව සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මාධ්‍ය හමුවේ පවසා සිටියේ.