රුපියල් ලක්ෂ 35 ක් වටිනා විදේශීය දුම්වැටි 70,000 ක තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
ගාල්ල බටපොළ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර, දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ස්ථාපිත කර ඇති විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත එය සිදුකෙරුණා.
මෙහිදී අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන සඳහා දුම්වැටි තොගයද සමග බටපොළ පොලිස් ස්ථානයට භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.