ලොව දිගම අධිවේගී මාර්ග උමගේ ඉදි කිරීම් සම්පූර්ණ කිරීමට චීනය සමත්ව තිබෙනවා.
මේ සමඟින් චීනයේ ශින් චියං උයිගුර් ස්වයාත්තයේ උතුරු හා දකුණු ප්‍රදේශ අතර නව සම්බන්ධයක් විවෘත වී ඇත.
ටියැන් ෂන් ෂෙං ලි ( Tianshan Shengli ) උමග කිලෝමීටර 22.13ක දුරකින් යුක්ත වන අතර එමගින් ටියැන් ෂන් කඳුකරයේ මධ්‍යම කොටස හරහා ගමන් කිරීම පැය කිහිපයක සිට විනාඩි 20ක් දක්වා අඩු කෙරේ.
උරුමුචි – යුලි (Urumqi-Yuli ) අධිවේගී මාර්ගයේ ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙසට එය සැලකේ.
ලබන වසරේදී මෙම අධිවේග මාර්ගය රථවාහන ධාවනය සඳහා විවෘත කිරීමට නියමිතව තිබේ.
මෙම උමගේ ඉදි කිරීම් 2020 වසරේ අප්‍රේල් මාසයේ දී ආරම්භ කෙරිණ.
අධික සීතල,ඉහළ උන්නතාංශය, උස් බිම් ආතතිය, දැඩි භූගර්භ ක්‍රියාකාරීත්වය, දැඩි පාරිසරික ආරක්ෂණ අවශ්‍යතා වැනි අභියෝග රැසක් මධ්‍යයේ එහි ඉදි කිරීම් සිදු කර තිබේ.