බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ චෝදනාවට අත්අඩංගුවට ගෙන පසුගිය 07වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ මහතා කොටුව අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

අධිකරණ වෛද්‍ය වාර්තාවේ කරුණු අනුව මත්පැන්වලට අමතරව තවත් මත්ද්‍රව්‍යයක් ඔහුගේ ශරීරගතව ඇති බවටයි පසුගියදා කරුණු අනාවරණය වුණේ.

එහිදී මේ සම්බන්ධයෙන් වන කරුණු අධිකරණයට වාර්තා කළ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් අබේනායක මහතා සඳහන් කළා.

මෙහිදී බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ චෝදනාවට මෙන්ම අනතුරට ලක්වූ වාහනයේ ගමන්කළ දෙදෙනාට මරණීය තර්ජනය කළ බවටද අදාලව නඩු දෙකක් ලොහාන් රත්වත්තේ වෙත ගොනුකර ඇති අතර, ඒ අනුව ඔහු නමවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here