ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති ලෙස ක්‍රියා කළ වසන්තා හඳපාන්ගොඩත් මහත්මිය හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය ජීවිතකෂයට පත්ව ඇත්තේ එංගලන්තයේදී බවයි වාර්තා වන්නේ.

ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලනයට ඉතා ම පක්ෂපාතී ලෙස අදහස් දැක් වූ හා ක්‍රියා කළ කාන්තාවක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට ගෙන ඒම සදහා ඇප කැප වී ක්‍රියාකළ ඇය ගෝල්ෆේස් අරගලයට පහරදීමේ නඩුවේ වගඋත්තර කාරියක් වුණා.

මේ නිසා ඇය ඇතුළු තවත් පුද්ගලයන් 06ක් දෙනෙක් CID අත් අඩංගුවටද පත් විය.

නමුත් ඇය දිගටම තමන් විශ්වාස කල දේශපාලන මතවාදය වෙනුවෙන් පෙනී සිටි අතර ඇය අඛණ්ඩව දරුණු පරාජයන හමුවේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ක්‍රියාකාරිනියක් ලෙස වැඩ කටයුතු සිදුකලා.

සිය දරුවන් බැලීමට එංගලන්තයට ගොස් සිටියේදීයි හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

(ගල්පාත චන්දන පෙරේරා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here