ජෝ රූට් නැවතත් එංගලන්ත එක්දින සංචිතයට කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඔහු අවසන් වරට පාකිස්තානයට එරෙහිව 2023 වසරේ නොවැම්බර් මාසයේදී එක්දින තරගයක් ක්‍රීඩා කර ඇති අතර, ඒ අනුව ඔහු වසරකට පසුවයි මෙලෙස යළි එක්දින සංචිතයට කැඳවා තිබෙන්නේ.

ඒ අනුව එළැඹෙන ජනවාරි මාසයේ ආරම්භ වන එංගලන්ත කණ්ඩායමේ ඉන්දීය සංචාරයට ජෝ රූට් එක්වීමට නියමිතයි.

ජෝ රූට් එංගලන්තය නියෝජනය කරමින් එක්දින ඉනිම් 160කදී ලකුණු 6,522ක් රැස්කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here