ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව විරෝධතාවල නිරත වී වැඩ තහනමට ලක්ව සිටි සේවකයින් 62 දෙනකු යළිත් සේවයේ පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.
ඒ, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ නියෝගයකට අනුවයි.
එමෙන්ම ඔවුන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර පෙර සිටි සේවා ස්ථානවලම සේවයේ යෙදවීමටයි ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇත්‌තේ.
එමෙන්ම මාස අටක හිඟ වැටුප් ලබාදීමට පනවා තිබූ දඬුවම් සීමාව ද ඉවත් කර ඇති බව සඳහන්.
බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් එම සේවකයින් හට නිදහස් කිරීමේ ලිපි ලබාදීමටයි ඊයේ (24) කටයුතු කළේ.
ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට සැරසෙන බව පවසමින් එහි වෘත්තිය සමිති පසුගිය ජනවාරි මාසයේදි විරෝධතාවල නිරත වුණා.
විදුලිය සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කර තිබියදීත්, පාරිභෝගිකයන් අපහසුතාවට පත් කරමින් රාජකාරිය සිදුකිරීමෙන් වැළකී මෙලෙස විරෝධතාවලට එක්ව සිටි සේවකයින්ට එරෙහිව පියවර ගන්නා ලෙස එවක විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිලධාරීන්ට උපදෙස්දී තිබුණා.