අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට(04) සිට යළි ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාගය අවස්ථා දෙකකදී කල් දැමුණේ, අධික වැසි සමග ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් ය.

හෙට සිට පෙර නිකුත් කළ කාලසටහනට අනුව විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.

විභාගය නොපැවති දිනවල යෙදී තිබූ විෂයන් වෙනුවෙන් වෙනත් දින සහිත කාලසටහනක් ප්‍රකාශයට පත්කර තිබේ.

එම කාලසටහන අනුව, කිසිදු බාධාවකින් තොරව විභාගය පැවැත්වෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.

විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ, නියමිත වේලාවට, තමන් අයත් විභාග මධ්‍යස්ථානයේදී විභාගයට මුහුණ දෙන ලෙසයි.

මේ අතර, උසස් පෙළ විභාගයේ ඉදිරි දින කිහිපයේ පැවැත්වෙන විෂයන්වල ප්‍රශ්න පත්‍ර ඊයේ ප්‍රාදේශීය එක්රැස්කිරීමේ මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ප්‍රශ්න පත්‍ර අද සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත යොමු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here