ජල ගැලීම් වලින් විනාශයට පත් වගා බිම් සඳහා වන්දි ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ හානි තක්සේරු කිරීම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක තක්සේරු කටයුතු අවසන් අදියරේ පවතින බවයි කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ.
ඒ අනුව ඉදිරි දින දෙක තුළ තක්සේරු අවසන් කිරීමෙන් පසු වන්දි ලබාදීම ආරම්භ කළ හැකි බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.