නෝටන්බ්‍රිජ් නගරය අවට සැරිසරන රිලා රංචුවක් හේතුවෙන් තම වෙලදසැල් වල වෙලදාම් කටයුතු සිදුකරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව නෝටන්බ්‍රිජ් නගරයේ වෙලෙදුන් පැවසිය.

දුරකථන සහ විදුලි රැහන් මතින් නගරයට පිවිසෙන රිලවුන් වෙලදසැල් වල අලෙවි කිරිමට ප්‍රදර්ශනය කර ඇති ආහාර ද්‍රව්‍ය රැගෙන යන බවත්, නගරය අවට තිබෙන පළතුරු සහ කිතුල් ගස්වලට දැඩි ලෙස රිලවුන් හානි සිදු කරන බවයි වෙලදුන් කියා සිටියේ.

තවද නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ නිවාස වල රෙදි සෝදා වේලිමට දමා තිබියදි එම රෙදි රිලවුන් රැගෙන යන බවත්, පවත්නා තත්ත්වය මත රිලවුන්ගෙන් තමන් දැඩි ලෙස පිඩාවට පත් වි ඇති බවයි නෝටන්බ්‍රිජ් ගම්වාසින්ද කියා සිටින්නේ.

කදු මුදුණේ සිට වෙලදසැල් වලට සහ නිවාස වලට ජල නල එලා පානිය ජලය ලබාගෙන ඇති බවත්, එම ජල නල වරින් වර රිලවුන් කඩා දමන බවයි නෝටන්බ්‍රිජ් ප්‍රදේශවාසින් වැඩිදුරටත් කියා සිටියේ.

ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කර ඇති බවත්, වන්දනාකරුවන් නෝටන්බ්‍රිජ් නගරයේ විවේක ගැනිමට නතර වි ආහාර පාන අනුභව කර යන බවත්, දැනට නෝටන්බ්‍රිජ් නගරයේ සිටින රිලවුන්ගෙන් වන්දනාකරුවන්ටද දැඩි පිඩාවට එල්ල විය හැකි බවයි ප්‍රදේශවාසින් කියා සිටියේ.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here