නොරොච්චෝලේ මාම්පුරිය ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තිබෙනවා.
මාම්පුරිය ප්‍රදේශයේ පිහිටි අලුතින් ඉදිකරමින් පවතින උත්සව ශාලා ගොඩනැගිල්ලක සේවකයින් පිරිසක් යකඩ පලංචියක් මත ඉදිකිරීම් සිදුකරමින් සිට තිබෙනවා.
එහිදී විදුලිය ලබාගන්නා විදුලි රැහැනකින් යකඩ පලංචියට විදුලිය කාන්දුවීමෙන් එම ස්ථානයේ සිටි 4 දෙනෙකු පුත්තලම රෝහලට ඇතුළත් කෙරුණා.
එහිදී තුන් දෙනෙකු මියගිය අතර අනෙක් පුද්ගලයා තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
අනතුරෙන් මියගියේ අවුරුදු 16, 22 සහ 29 වයස්වල පසුවන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් 3 දෙනෙකුයි.