ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිට තරග ගාස්තුවෙන් සියයට 20ක දඩ මුදලක් සහ එක් ලකුණක් අහිමි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සෑම් කොන්ස්ටස් සමඟ සිදු කර ගත් උරහිස් ඝට්ටනයක් හේතුවෙනු යි.

තරගයේ 10 වන පන්දුවාරය අවසන්වීමෙන් අනතුරුව මෙම සිදුවීම සිදුවූ අතර, එය සමථයකට පත් කිරීමට විනිසුරුවන් ද මැදිහත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here