විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ඒ. ජගත් වී. ඩයස් මහතාගේ සේවා කාලය 2024-12-31 දින අවසන් වීමට නියමිත අතර, 2025-01-01 දින සිට එකී තනතුරට සුදුසු නිලධාරියෙකු පත් කළ යුතුව තිබෙනවා.
දැනට ත්‍රිකුණාමලය පරිපාලක දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් දිසාපති වශයෙන් සේවය කරනු ලබන, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි චාමින්ද හෙට්ටිආරච්චි එම තනතුරට පත් කිරීම සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව ඔහු 2025-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
අදාළ කැබිනට් තීරණය පහතින්,