වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බවයි අමාත්‍යාංශ ලේකම් අලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ.

ලබන සතියේ ඊට අදාළ කටයුතු සිදු කෙරෙන බව ද ලේකම්වරයා පැවසීය.

ඒ අනුව දැනට 62 ලෙස දක්වා තිබෙන වෛද්‍යවරයෙකුගේ විශ්‍රාම යාමේ වයස තවත් වසරකින් දීර්ඝ කෙරුණු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here