2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කිරිමට ප්‍රථම ශ්‍රි පාද උඩ මළුවේ පිහිටි දොළොස්මහේ පහණ ඇතුළු උඩ මළුව පරිශ්‍රය සුද්ද පවිත්‍ර කිරිමේ වැඩසටහනක් පසුගියදා හැටන් නොවෙනස් කළණ මිතුරු එකමුතුව සමාජයේ සමාජිකයන් සහ හැටන් ජිනානන්ද දහම් පාසලේ දරුවන් එක්ව සිදු කෙරිණ.

ශ්‍රි පාදස්ථානාධිපති ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්ගේ අවසරය මත මෙම පවිත්‍ර කිරිමේ වැඩසටහන දියත් කෙරිණ.

ශ්‍රි පාද අවාරයේ උඩ මළුව පරිශ්‍රය පැවති අයහපත් කාලගුණයත් දිය සෙවල බහුල වශයෙන් බැදි තිබු බවත්, ශ්‍රි පාද වාරයේ වන්දනාකරුවන් විසින් අක්‍රමවත් ආකාරයට පරිසරයට බැහැර කර තිබු අපද්‍රව්‍ය ඉවත් කිරිමට පියවර ගත් බවයි වැඩසටහනට එක් වු එම සමාජයේ සමාජිකයන් කියා සිටියේ.

මෙම පවිත්‍ර කිරිමේ වැඩසටහනට හැටන් පොලිස් කොට්ඨාශයේ පොලිස් නිලධාරින් කිහිපදෙනෙකුද එක්විය.

2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය මේ මස (14) දිනට යෙදෙන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බවත්, අවාරයේ පැලමඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව , දේව ආභරණ සහ පුජා භාණ්ඩ (12) දින පිටතට වඩමම්මවා එදින විශේෂ ආගමික වාතවන් සහ දේව පුජාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව (13) දින අලුයම රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේ නල්ලතන්නිය දක්වා එක් පෙරහැරක්, රත්නපුර පලාබද්දල මාර්ගයේ එක් පෙරහැරක්, තවත් පෙරහැරක් කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ සහ අනෙක් පෙරහැර බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සේ වැඩම කිරිමට නියමිතය බවයි ගෞතම ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසිය.

(හැටන් රංජිත් රාජපක්ෂ )

1 COMMENT

  1. Such a fantastic post! I really appreciate the depth of your research and how you present everything in such an easy-to-understand manner. It’s clear that you’re passionate about this topic, and it makes your content so enjoyable to read. Looking forward to your next post!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here