ශ්‍රී ලංකාවට යහපත් අනාගතයක් ගොඩ නැගීම අමෙරිකාවේ බලාපොරොත්තුව බව ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපති ජූලි චංග් මහත්මිය පවසයි.
අමෙරිකානු තානාපති කාර්යාලයට අයත් අමෙරිකානු තොරතුරු පියස පිහිටුවා වසර විසක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවයට එක් වෙමිනි ඇය මේ බව සඳහන් කළා.
ඩී. එස්. සේනානායක අනුස්මරණ පුස්තකාල පරිශ්‍රයේ පිහිටි අමෙරිකානු තොරතුරු පියස මධ්‍යස්ථානය හරහා ප්‍රදේශයේ තරුණ තරුණයින් සහ කාන්තාවන් සවි බලගැන්වීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ.
වසර විස්සක කාලය තුළ මධ්‍යස්ථානය හරහා දියත් කෙරුණ වැඩසටහන් එකතුවක ප්‍රදර්ශනයක් ද පැවැත්වුණේ 20 වන සංවත්සරයට සමගාමීවයි.
මේ එහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් මහත්මිය.
ජූලි චංග්
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති
”පසුගිය දිනක ජනාධිපතිතුමා කිව්වා මේ රටේ ජාතිවාදයට හෝ අන්තවාදයට ඉඩක් නැහැ කියලා. ඔබගේ සියලු වෙනස්කම් සහ විවිධත්වය සැමරීමට සහ සියලු දෙනාම ඒකාබද්ධව, සාමකාමී විදිහට ජීවත් වෙන්න වාතාවරණයක් සැදිය යුතුයි කියලා. ඒ වගේම ඒ ක්‍රියාවලියට අමෙරිකාවට දායක වෙන්න පුළුවන් වීම ගැන මට ආඩම්බරයි.අපිට ඕනේ වෙන්නේ ඔබේ පසුබිම, භාෂාව, ආගම, ආර්ථික මට්ටම කුමක් වුවත්, ඔබ පිරිමියෙකු හෝ ස්ත්‍රියක වුණත් මිනිසුන් ලෙස එකට එකතු වී සිටිනවා දැකීමටයි. මේ වෙනස් වීම හරහා ඉදිරි වසර 20 සහ ඉන් ඔබ්බට සිදු වන ඒ පරිවර්තනය දැකීමට මම බලාගෙන ඉන්නවා. මොකද බලාපොරොත්තු සහ සිහින පටන් ගන්නේ මෙතැනින්. හැබැයි අපි ඒකට හීන විතරක් මවලා බැහැ.ඒ හීන ක්‍රියාවක් බවට පත් කර ගන්න ඕනා. එතකොට මෙතන ඉන්න තරුණ ප්‍රජාවට යහපත් අනාගතයක් බිහි වෙයි”