ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු විස්සයි විස්ස තරගය අද (28) මවුන්ට් මවුන්ගනුයි හි බේ ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.
තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 172ක් රැස් කළා.
එහිදී ඩැරල් මිචෙල් ලකුණු 62ක් සහ මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 59ක් ලබා ගත්තා.
ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළ ලකුණු 173ක ඉලක්කයක් හිමිව තිබෙනවා.