දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 348ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
මෙම තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව සියලුදෙනා දැවී ලකුණු 317ක් ලකුණු පුවරුවට එක් කළා.
තරගයේ සිව්වන දිනය වූ අද දිනට තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකානුවන් සොයා දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 03ක් දැවී ලකුණු 191ක් රැස්කරගෙන සිටියා.
ඒ, අනුව ඔවුන් ඉතිරි කඩුලු 07 සඳහා අද දිනයේ තවත් ලකුණු 126ක් සිය ලකුණු පුවරුවට එක් කළා.