සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (06) දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතයි.
ඊයේ පළමු දිනය සඳහා තරගය නතර කරන විට, සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 07ක් දැවී ලකුණු 269ක් රැස් කරගෙන සිටියා.
එහිදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් රයන් රිකෙල්ටන් තම මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 101ක් රැස් කළ අතර, නායක ටෙම්බා බවුමා ලකුණු 78ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ළහිරු කුමාර ලකුණු 54 කට කඩුලු 03 ක් දවාගත් අතර, ඔහු ටෙස්ට් කඩුලු 100 පසු කර යාමටද සමත් වුණා.
ඊට අමතරව අසිත ප්‍රනාන්දු කඩුලු 02 ක්ද, විශ්ව ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වුනා.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.