සත්කාරක දකුණු අප්‍රිකා සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද අවසන් දිනටත් ශාන්තා ජෝර්ජ් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 358ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 328කි.

දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 317ක් රැස් කළේ ය.

ප්‍රභාත් ජයසූරිය කඩුළු 5ක් බිද හෙළු අතර ඔහු ටෙස්ට් ඉනිමකදී කඩුලු 5ක් දවා ගත් 10වැනි අවස්ථාව මෙයයි.

ප්‍රභාත් ශ්‍රී ලංකාවෙන් පිටතදී ටෙස්ට් ඉනිමක් තුළ කඩුලු 5ක් දවා ගත් පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

ජයග්‍රහණය සඳහා ලකුණු 348 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 205 කි.

නායක ධනංජය ද සිල්වා සමගින් කුසල් මෙන්ඩිස් නොදැවී කඩුල්ලේ රැදී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here