සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද (28) පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.45 ට නවසීලන්තයේ මවුන්ට් මවුන්ගනුයි හි බේ ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස චරිත් අසලංකත් නවසීලන්ත කණ්ඩායමේ නායක ලෙස මිචෙල් සැන්ට්නර් කණ්ඩායම් දෙක මෙහෙයවනු ලබයි.

මේ අතර ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු හා තුන්වන විස්සයි විස්ස තරගවල සියලුම ප්‍රවේශපත් අලෙවි වී අවසන් බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here