සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම සියල්ලන් දැවී ලකුණු 328කට සීමා වුණා.

ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ල දැවී රැස්කළ ලකුණු 358ට පිළිතුරු වශයෙන්.

තරගය තුන්වන දිනට අද (07) ආරම්භ කරන විට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 03ක් දැවී ලකුණු 242ක් ලබාගෙන ප්‍රබල තැනක පසු වූ අතර ලකුණු 86ක් තුළ ශ්‍රී ලංකා අවසන් කඩුලු 07 දවාගැනීමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නනට හැකියාව ලැබුණා.

ඒ අනුව දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 30ක් ඉදිරියෙන් පසුවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here