අමාත්‍ය මණ්ඩලය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී කලින් පිට කළ බව කියන ප්‍රශ්න තුන සඳහා සියලු සිසුන්ට නිදහස් ලකුණු ලබාදීමට නිර්දේශ කර ඇති බවට නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

මෙම ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පැවැත්වීමෙන් සිසුන් පීඩාවට පත්විය හැකි බවත්, ඒ අනුව යළි විභාගය පැවැත්වීම නුසුදුසු බවත් අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර තිබෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (02) කැඳවා තිබුණු අතර, පෙත්සම් විභාගය ලබන 11 වනදා පැවැත්වීමට එහිදී තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here