අදියර වශයෙන් වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කිරීමත් සමග ටොයෝටා ලංකා සමාගම සිය පළමු වාහන ප්‍රමාණය මෙරටට ගෙන්වා තිබෙනවා.

ඒ අනුව සංචාරක කර්මාන්තය සඳහා යොදාගැනෙන බස් රථ හා වෑන් රථ 26 ක් මෙලෙස ආනයනය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ආර්ථික අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙරට විදේශ විනිමය සංචිත පහළ යාමත් සමග වාහන ආනයනයට සීමා පැනවුනු අතර නමුත් ක්‍රමිකව ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් පැවතීමත්, විදේශ විනිමය සංචිත යළි ඉහළ යාමත් හමුවේ ආනයන සීමා ලිහිල් කරමින් අදියර කිහිපයක් යටතේ නැවත වාහන ආනයනයට රජය තීරණය කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here