කතානායක ලෙස අසෝක රංවලට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් ගෙන එන එක වීර වික්‍රමයක් ලෙස මාධ්‍යයට කිව්වට, ඒ මෝඩ වැඩෙන් කරන්නෙ අධ්‍යාපන සුදුසුකම් කූඨ ලෙස ඉදිරිපත් කිරීමට චෝදනා එල්ල වන පුද්ගලයෙක් දැනුවත්ව කතානායක ලෙස පත් කිරීමට දේශපාලන තීන්දුව ගත් මාලිමා නායකයින් ඒ වගකීමෙන් නිදහස් කිරීමයි.
කලින් තිබූ ආණ්ඩුවල දූෂණ වංචා ගැන ලොකුවට කතා කර, අවංකයින්ගේ අති පිරිසිදු පාලනයක් පොරොන්දු වුන මාලිමා නායකයින්ගේ ආණ්ඩුවේ හැම තැනම හොර බොරු බවට චෝදනා ඉදිරිපත් වන විට, කතානායක පත් කිරීමේ වගකීමෙන් මාලිමා නායකයින් නිදහස් කිරීමේ විශ්වාස භංග යෝජනා ගෙන එන්න තරම් විපක්ෂය මෝඩ නොවිය යුතුයි.
විපක්ෂය මේ බොරුව ගැන කිව යුත්තේ මාලිමා නායකයින් සමාජයට වගවන ලෙස කතානායක රංවල ගේ සහ පශ්චාත් උපාධි ඇතැයි කියන සියළු ඇමතිවරුන්ගේ සුදුසුකම් සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාවක් සභානායක මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි කියලා. ඒ වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් තැබිය යුතුයි කියලා.
සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඉල්ලා සිටිය යුත්තේත් ඒ සවිස්තරාත්මක වාර්තාවයි. මෙය පුද්ගලයෙකුට සීමා නොකළ යුතු, මාලිමා ආණ්ඩුව වගකීමට යටත් කළ යුතු දේශපාලන ප්‍රශ්නයක් බව සජබ තේරුම් ගන්නේ නම් වැදගත්.
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී