ජනතාවට අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරමින්, ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින්, යම්කිසි සංවිධානයක් විසින් බැතිමතුන්ගෙන් මුදල් එකතු කිරීමට කටයුතු කරන බවට තොරතුරු හෙළිව තිබෙන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමි පවසනවා.

ඒ අනුව එම සම්මාදන්වලට නොරැවටෙන ලෙසත්, සංවිධානවලට මුදල් ලබා දීමෙන් වළකින ලෙසත් එම හිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

උඳුවප් මස පුන් පොහෝ දිනෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමයේදී ශ්‍රී පාදය වෙත පැමිණෙන සියලුදෙනා පරිසරය සුරක්ෂිතව තබාගනිමින් විනීතව හැසිරිය යුතු බවයි ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here