සහල් ආනයනයට දී තිබූ කාලට එළඹෙන ජනවාරි 10 වැනි දා දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, පසුගිය 20 වැනි දායින් අවසන් වූ සහල් ආනයන අවසරය මෙලෙස දීර්ඝ වූ බවයි.

ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවයෙන් තොරව එළඹෙන 20 වෙනි දින දක්වා සහල් ආනයනයට පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ට ද අවසර දී තිබෙනවා.

වෙළෙඳ, වාණිජ, ආහර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here