ආනයනික සහල් මෙට්ට්‍රික් ටොන් 79,000 ක් නිශ්කාශනය කර අවසන් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
අද (31) දහවල් 12 දක්වා කාලය තුළ සහල් තොග නිශ්කාශනය කර ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා සඳහන් කළේ.
නිශ්කාංශනය කර ඇති සහල් තොගයට කැකුළු සහල් මෙට්ට්‍රික් ටොන් 31,000ක් ඇතුළත් වේ.
සෙසු මෙට්ට්‍රින් ටොන් 48,000 ක තොගය තැම්බූ සහල්.
සහල් තොගයට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ආනයනය කළ සහල් මෙට්ට්‍රික් ටොන් 780ක් ද ඇතුළත් බව රේගුව සඳහන් කළේ ය