මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු 17 වනදා සිට එම මස  26 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා (18) අද මේ බව නිවේදනය කළා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක හා විද්‍යුත් තැපෑල ලිපිනයක්ද විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 1911, 0112784208, 0112784537, 0112786616 යන දුරකතන අංකවලට ඇමතීමෙන් ලබාගත හැකියි.

ෆැක්ස් අංකය             –  0112784422

පොදු දුරකථන අංක    – 0112786200, 0112784201, 0112785202

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here