කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ අධිසුඛෝපභෝගී බස් රථයක් යාපනය කොඩිකාමම් ප්‍රදේශයේදී අද (18) අලුයම ට්‍රැක්ටරයක ගැටීම හේතුවෙන් තිදෙනෙකු තුවල ලබා රෝහල්ගත කල බවට කොඩිකාමම් පොලීසිය පැවසීය.
යාපනය දක්වා ධාවනය වූ අධි සුකෝපභේගී බස් රථය කොඩිකාමම් ප්‍රාදේශීය රෝහල අසලදී මාර්ගයේ ධාවනය වූ කුඩා ට්‍රැක්ටරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
එහිදී බස් රථයේ ගමන්ගත් තිදෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවටද පොලීසිය පැවසීය.
අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනවරනය වී නොමැති අතර කොඩිකාමම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.